මේ පාඨමාලාව කරන්න තෝරගත්ත එක

මේ පාඨමාලාව කරන්න තෝරගත්ත එක මම ගත්ත නිවැරදිම තීරනයක්…. ඒ නිසා මට හොද ගුරුවරයෙක් සහ හොද යාලුවෝ ටිකක් හම්බුනා…. මේ පොඩි කාලෙ ඇතුලත අපි හිටියෙ පුංචි පවුලක් වගේ🫂🫶….. කවදාවත්ම අමතක නොවන ලස්සන මතක ගොඩාක් එක්ක අද මම තනිවෙලා🥺💔….. අනේ ආයෙමත් ඒ දවස් වලට යන්න තිබ්බා නම් කියල හිතුන වාර අනන්තයි😇❤️‍🩹……. මෙච්චර ලස්සන බැදීම් ගොඩාක් මාස 4ක් වගේ පොඩි කාලෙකින් ඇති උනේ කොහොමද කියන එක පුදුමයි 🤍🙃…..
කවදාවත් computer එකක් අල්ලලාවත් නොතිබුනු මම අද සාර්ථකව NVQ Level 3 අවසන් කරපු ලමයෙක් උනේ සර්ගෙ දක්ශතාවය නිසාමයි…… ඇත්තටම මට කවදාවත්ම ඒ වගේ ගුරුවරයෙක් හම්බවෙලා තිබුනෙ නෑ…. අපේ සර් තමයි මට හම්බුන හොදම ගුරුවරයා කියල මම කියන්නෙ ආඩම්බරෙන්😌…… සර් ඒතරම්ම වැදගත්, නිහතමානි, ලස්සන අදහස් තියෙන චරිතයක්🫣❤️… හැබැයි සමහර වෙලාවට අපේ සර්ත් පොඩි ලමයෙක් වගේ…… ඒ කියන කතා, කරන වැඩ අපි වගේමයි…… අපි හැරෙන පමාවෙන් අපිව තේරුම් ගන්න විදිය හරිම පුදුමයි🥺💚…… කවදාවත්ම අපේ හිත රිදෙන විදියට කතාකරලා නෑ…… අපි කරපු පිස්සු වැඩ, මෝඩ කතා ඉවසගෙන අපේ හිත් නොරිද්දුවාට සර්ට බොහෝම ස්තූතියි👑️🫂….
මම පොඩි නංගිලා මල්ලිලාට මේ පාඨමාලාව කරන්න ආරාධනා කරන්නෙ ගොඩක් විශ්වාසෙන්…… එන්න ඇවිත් හොද ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න, හොද යාලුකම් ගොඩනගාගන්න, ලස්සන බැදීම් හදාගන්න, ජීවිතේට, අනාගතේට වැදගත් දක්ශතාවයක් ඉගෙන ගන්න🫴🥰…….
මගේ ජීවිතේ ලස්සනම කාලෙ ලස්සන මතක වලින් පුරවපු අපේ සර්ටත්, මගේ යාලුවන්ටත් බොහොම ස්තූතියි……
මම ඔයාලට ගොඩාක් ආදරෙයි…..💫❤️

Kaushalya- ICTT/2026/I