ආයුබෝවන් සර් 😊මුලින්ම කියන්න ඕනි

ආයුබෝවන් සර් 😊

මුලින්ම කියන්න ඕනි මෙ වතාව මෙම පාඨමාලාවෙ ලමුන් 19දෙනා අතරට මටත් එක් වෙන්නෙ ලැබුන එක මගේ වාසනාවක්.

සර් අපි වෙනුවෙන් භාරගත්ත ඒ වගකීම වෙනුවෙන් සර්ට බොහොම ඉස්තූතී වන්ත වෙනව.

පාඨමාලා කාලය තුල යම් යම් බාදාවන් පැමිනියත් සර් ඒ සියල කලමනාකරනය කර ගනිමින් අපිට ඉගැන්වු පිලිවෙල අගේ කරන්න ඕනි කරුනක්.

ඔබ වැනි ගුරුවරයෙකු හා ගතවුනු ඒ කාලය හරිම සුන්දරයි. ඒ පිලිබදව සතුටක් මෙන්ම දුකකුත් තියෙනව . සර් අපි වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම් කරා. ඒකට සර්ට ගොඩක් පින් 🙏

සර් ගොඩක් මහන්සි උනා අපිට දැනුම දෙන්න. යම් යම් තැන්වල අපේ අතින් සුලු වැරදීම් සිද්ද වෙන්න ඇති. ඒ හැමදේටම මට සහ මෙම පාඨමාලාවේ අනෙකුත් සහෝදර සහෝදරියන් වෙනුවෙනුත් මම සර්ගෙන් සමාව අයදිනව 🙏

කුඩා වෙලාවක උවද අප සැමගේ සතුට සහ සමගිය වැඩි වඩියෙන් ඔප් නැන්වීම සහ පාඨමාලාව තුල සිටින සියලු සිසුන් එකම පවුලක ලමුන් සේ හැගෙන්න ඔබ විසින් සන්විදානය කල පුන්චි පාටිය ඇත්තෙන්ම හොදයි. ඒ
වෙනුවෙන්ද සර්ට බෙහෙවින් ස්තුති වන්ත වෙනව. 🙏

පාඨමාලා කාලය තුල කිසිදු සිත් රිදවීමකින් තොරව ඉතා පැහැදිලි ලෙස ඉගැන්වූ ඔබට බොහොමතම ස්තූති වන්ත වන අතර. එම ගතවූ කාලය තුල මා අතින් සර්ට කේන්ති යන දෙයක් සිදු වුනානම් එයටද මා ඔබෙන් සමාව ඉල්ලා සිටිනව 🙏

ජීවිතේ මෙතෙක් කල් ඉගෙන ගත් ගුරුවරුන් අතරින් ඔබ සුවිශේශී ගුරුවරෙයෙක් . ඔබවැනි ගුරුවරෙයෙක් මාහට කිසිදා අමතක වන්නෙ නෑ. ඔබ කියාදුන් කතාන්දර තවමත් මතකයි. ඇත්තෙන්ම ඉතාම දක්ශ සහ ගුනගරුක ගුරුවරෙයෙක් . මා වැනි ලමුන් සිය දහස් පිරිසකට මෙලෙස දැනුම ලබා දීමට ඔබට දිනෙන් දිය ශක්තිය දයිරිය ලැබේවා කියල මම් ප්‍රාර්තනා කරනව 🙏🙏

පාඨමාලාව නිමාවී උවද අපි සැමට ඔබ වෙනුවෙන් වචනයක් හෝ පැවසීමට මෙවන් අවස්තාවක් ලබාදුන්නටද බෙහෙවින්ම ස්තුති.🙏

එමෙන්ම මෙම පාඨමාලාව සදහා දායකවූ සියලූම ගුරු මව් වරුන්ටද පියවරුන්ටද. ආයතන ප්‍රදානීන් ඇතුලු සියලුදෙනාට බෙහෙවින්ම ස්තූතී. 🤝

මීට = K.S.D චතුරිකා සෙව්වන්දි

k.S.D. chathurika sewwandi. 2023