පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට

පාඨමාලාව තිබ්බ මාස කිහිපය ඉක්මනට ගත උනා වගේ එකක් තමා දැන් මට දැනෙන්නේ..හරිම සතුටින් ඒ කාලේ ගෙව්නා..හිනා උනා,කතා කියන්න කියලා වද දුන්නා සර්ට. එහෙම කරදර කරපු අවස්ථා වලට සමාවෙන්න ඉතින්. සමහර වෙලාවට ඒත් දුෂ්ට කමට සර් කතා කියල දුන්නෙත් නෑ. හැබැයි හුගාක් වෙලාවට කියලා දුන්නා..මම හිතන්නේ අපේ බැජ් එකේ සර්ට වද දුන්නු එකම ලමයා මම වෙන්න ඇති. හැමවෙලේම සර් ගා ගත්ත ගමන්මනේ මම හිටියේ ඒකටත් ඉතින් සමාවෙන්න . ආය ඉතින් එහෙම වද දෙන්නේ නෑනේ.. මොනා උනත් දුකයි ඉතින් එහෙම කාලයක් ආයේ එන්නේ නැති එකට..ඒ වගේම සර් පාඨමාලාව සාර්ථක ලෙස හොදින් අවසන් කරා..ඊටත් වඩා අපිට ලොකු ආදර්ශමත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නත් පුළුවන් උනා ජීවිතේට අවශ්‍ය වෙන..ඉතින් ඒ හැමදේම ඉගැන්නුව සර්ට ගොඩාක් ස්තූතියි.. ඉස්සරහටත් ඒ වගේ කරන සියලුම වැඩ හොදට සාර්ථකව කර ගන්න හසිත සර්ටත්,නිලන්ත සර්ට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..