රේන්බෝ ආයතනය කියන්නෙ මට නුපුරුදු තැනක් නෙමෙයි ..පොඩි කාලේ ඉදන් මන් ඉගෙනගත්ත තැනක්..නිලන්ත සර් එතකොට හසිත සර් ගොඩක් හොදට දන්නවා..ඉතිම්..පාඨමාලාව ගැන යමක් සදහන් කරොත් ගොඩක් හොද වැදගත් පාඨමාලාවක් .හරි ආසාවෙන් මන් නම් පාඨමාලාවට ආවෙ.හසිත සර්ගෙ උගන්වන විදිහට හරි ආස හිතෙනවා ඉගෙනගන්න..it කිව්වම ගොඩක් අය කියන්නෙ අම්මො අමාරුයිනේ..එහෙම නැ .හසිත සර්ගෙන් ඉගෙනගත්තා කියන්නෙ කොහොමත් අමාරු වෙන්න විදිහක් නැ..ඒ තරම් හොදට හැමදේම තේරුම් කරනව .ලගට ඇවිත් දන්නැති දේවල් කියල දෙනව.ගුරුමුශ්ටිය නැතුව උගන්වන ගුරුවරයෙක්.🥰.ඒ වගෙම ලමයි එක්ක හරිම friendly .💗අපිට ඕනිම දෙයක් කතා කරන්න පුලුවන් සර්ත් එක්ක..පුද්ගලික දෙයක් උනත් බය නැතුව කතා කරලා සර්ගෙන් උපදෙසක් ගන්න පුලුවන් .තව මේ මාස 4 ඇතුලත හරිම හොද යාලුවො සෙට් එකක් හම්බුනා.මට හම්බුන හොදම සෙට් එකක් ❤️.යාලුවොත් එහෙම තමා සර්වගේම..දන්නැති දේවල් අනිත් යාලුවන්ට කියල දෙනව කිසිම පැකිලීමක් නැතුව.ඒ අතරත් මටනම් ගොඩක් උදව් උන දෙන්නෙක් ඉන්නවා ..පබසර අයියයි, අචලා අක්කයි කියන්නෙ.තමන් විතරක් ගොඩ යනව කියන තැන නැතුව අනිත් උනුත් ගොඩ දාගෙන ඉස්සරහට යන්න බලන දෙන්නෙක් .❤️🥰.ඒ හැමදේටම හේතුවත් සර් .සර් අපිට කවදාවත් කියල නැ අනිත් එකාට වල කපාගෙන ඉස්සරහට යන්න කියලා.🥰අපි කණ්ඩායම් විදිහට එකතුවෙලා ගොඩ යමු කියලායි හැමදාම කිව්වෙ ❤️…ඉතිම් 🙂..අනේ පන්තිය නම් දාල එන්න ගොඩක් දුක හිතුන..අඩන්න තරම් දුකයි..ආයෙ කවදා මෙතන වාඩිවෙලා සර්ගෙන් ඉගෙනගන්න ද කියල හිතෙද්දි 🥺💔..ගුරුවරයෙක්ට වඩා යාලුවෙක් වගේ සර්..කවදාවත් ජීවිතේට අමතක නොවන ආදරනීය ගුරුවරයෙක් ඉතිම් 🥺💗.මේක ටයිප් කරනකොටත් කදුලු එනව දන්නෙම නැතුව..සර්ව කවදාවත් අමතක කරන්නැ සර්..බලලා යන්න හරි එනව පුලුවන් හැමවෙලාවකම..ගොඩක් ආදරෙයි අපේ හසිත සර්ට..❤️

රේන්බෝ ආයතනය කියන්නෙ මට නුපුරුදු
Manuri 2025/ 1
