2026 Sigiriya – September

රේන්බෝ පරිගණක පාසලේ 2026 වාර්ශික චාරිකාව සඳහා මෙවර අප තෝරා ගනු ලැබුවේ දරුවන්ට අධ්‍යාපනික දැනුුම හා වටිනාකම් එකතු කර ගත හැකි පැරණි හෙල විස්කම් සහිත සුවිශේෂී ස්ථාන කීපයකි. සිගිරීය එහි ප්‍රධාන ගමනාන්තය වූ අතර අපගේ පාසලේ ඉගෙනුම ලබන බොහෝ දරුවන්ගේ පළමු සිගිරී චාරිකා ගමනද වූයේ මෙම චාරිකාවයි. ඒකී සුවිශේෂි අවස්ථාවද අපගේ දරුවන් ඉතා ඔනෑ කමින් යුතුව ලබා ගන්නා ලදී….

2026.09.27 වෙනි දින උදෑසන 5.00 ට අප ආයතනය අසලින් චාරිකාව ආරම්භ කල අතර, උදෑසන ආහාරය සඳහා මහියංගන ‌සොරබොර වැව් පෙදෙස පළමු ගමනාන්තය විය. උදෑසන 10.00ට පමණ කන්ඩලම වැව පෙදෙසට පැමිණි අතර, ප්‍රධාන ගමනාන්තය වූ සිගීරිය කරා උදෑසන 11.45 පමණ ලගා විය. දුශ්කර හා වෙහෙසකර මුත් අපගේ දෙමාපියන් හා දරුවන් යුහුසුළුව ඉතා ඔනෑ කමින් සිගිරී පර්වතය තරනය කල අතර එය ජිවීතයේ කිසිදා අමතක නොවන මතකයක් වනවා නොවනුමානය.

සවස 5.30 ට පමණ රංගිරි දඹුළු පුරාණ රජමහ විහාරය වෙත ලගා වූ අතර රාත්‍රී 9.30වන විට රාත්‍රී ආහාරය සඳහා මහියංගන නගරය කර ලගා වුනෙමි. ප්‍රීතිමත් දිනයක් නිමාකරමින්, මතක විශාල ප්‍රමාණයක් එකතු කර ගත් 2026 චාරිකාව පසුගිය සෑම චාරිකාවක් සේම කිසිදු කරදරයකින් හෝ බාධාවකින් තොරව එදිනම රාත්‍රී 12.00 වන විට රේන්බෝ පරිගණක පාසල අසලින් අවසන් කලේය.

මෙම චාරිකාව සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දුන් අපගේ කාර්ය්‍ය මණ්ඩලයට, ගුරුභවතුන්ට හා දරුවන්ටද විශේෂයෙන් දයාබර දෙමාපියන්ටද බෙහෙවින් ස්තුතිය පුද කර සිටිමි !… නැවතත් මෙවැනි රස බර චාරිකාවකින් මුණු ගැසෙමු… දරුවන්ගේ කැමරා කාචයට හසු වු විශේෂ අවස්ථා පහතින් දක්වා ඇත…. ඔබගේ වටිනා අදහසත් පහලින් Comment කරන්න…

ස්තුතියි… රේන්බෝ පරිගණක පාසල .

« ‹ of 3 › »
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted