මම NVQ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ

මම NVQ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ O/L වලින් පස්සේ. RAINBOW INFORMATICS ආයතනය කියන්නේ මම පොඩි කාලේ ඉඳන් ICT විෂය හැදෑරු ආයතනයක් වගේම ඒ විෂයට කැමැත්තක් ඇති කරපු තැනක්. සර්ලගේ දැනුවත් කිරීම සමග මම NVQ පාඨමාලාවට බැඳෙන්න තීරණය කළා. විශේෂයෙන් කියන්න ඕන අපේ හසිත sir ගැන මොකද මේ පාඨමාලාවේ ආරම්භයේ ඉදලා අවසානය වෙනකන්ම sir අපි වෙනුවෙන් ගොඩාක් කැපවීම් කළා. මුලින්ම computer එකක් අල්ලපු කෙනාගේ ඉදලා හැමෝටම හරි සරලව ආදරණීයව ඉගැන්නුවා. විෂය දැනුමෙන් වගේම විෂය බාහිරව සමාජ දැනුමෙනුත් අපිව පෝෂණය කළා. Exam එකක් උනත් අපි හැමෝම හරි නිදහසේ ඉගෙන ගත්තේ අපේ sir ගේ ඒ ආදරණීය ඉගැන්වීම් රටාව නිසා.. විෂය වගේම මේ පන්තිය නිසා මගේ ජීවිතේට තව මතකයනුත් එකතු උනා.. මුලින්ම පන්තියට එද්දී අදුරන්නේ නැති එක එක වයස්වල අය හිටියත් පාඨමාලාව ඉවර වෙද්දී අපි හැමෝම හොඳ යාළුවෝ උනා.. එකිනෙකාට උදවු කර ගත්තා.. සාමූහිකව වැඩ කළා.. බෙදා හදාගෙන කන්න බොන්න පුරුදු උනා.. ඒ වගේම අපේ batch එකේ හැමෝම exam pass වුණ එකත් ලොකු සතුටක් දැනුන අවස්ථාවක් උනා.. ඉතිං අවසානයේ මම Rainbow informatics ආයතනයේ නිලන්ත සර්ටත් හසිත සර්ටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අනාගතය වෙනුවෙන් මේ වගේ අවස්ථාවක් ලබා ගැනීමට අපිට උදවු කිරීම සම්බන්ධව.

Dewmi - ICTT/2026/I