ආදරණීය හසිත සර්,
මුලින්ම අපි වෙනුවෙන් මේ මාස පහ පුරාම සර් මහන්සි වෙලා කරපු ඒ හැම කැපකිරීමකටම හදවතින්ම ගොඩක් ස්තූතියි සර්.මුලින්ම මේ කෝස් එකට එද්දිනම් ටිකක් බයක් තිබුනා. මෙක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒත් සර් අපිට හැමදේම හොදට තේරුම් කරලා, පැහැදිලිව හැමදේම කියලා දුන්න හින්දා මෙක හොදට ඉගෙන ගන්නත්, මේ Exam එක පාස් වෙන්නත් පුළුවන් උනා..
මේ කෝස් එකෙදී හොද යාලුවො ටිකක් හම්බ උනා. එයලත් එක්ක එකට වැඩකරන්න ඉගෙන ගත්තා එක ගැනත් ඇත්තටම සතුටුයි. සර් අපිට කියලා දුන්න ICT දැනුමටත් වඩා ජීවිතේ ගැන ලස්සන පාඩම් ගොඩක් සර්ගෙන් මම ඉගෙන ගත්තා.
සර් අපි ගැන හිතලා ඉවසීමෙන්,ආදරයෙන් උගන්නපු ඒ හැමදේකටම ගොඩක් ස්තූතියි සර්. සර් වගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුන එක ඇත්තටම වාසනාවක් කියලා මට හිතෙනවා. ජීවිතේ කවදාවත් අමතක නොවෙන ගුරුවරයෙක් විදිහට සර් හැමදාමත් අපේ මතකයේ ඉන්නවා. ❤️
සර්ට නිරෝගී සුවය, සතුට හා තවත් ලමයින්ගෙ ජීවිත ලස්සන කරන්න පුළුවන් වෙන්න කියලා මන් හදවතින්ම ප්රාර්තනා කරනවා. 🌈
ස්තූතියි සර්….. 🤍🎀

